Monday, November 30, 2009

ඔරික්ස් කුසලාන බෝට්ටු තරඟාය

ටික දවසකට පස්සෙ ඔන්න ආයෙත් බොලොග් එකේ පෝස්ට් එකක් දාන්න හිතුන. ඉතින් අපි මව් බිමෙන් පිටනෙ ඉන්නෙ මේ දවස්වල අපිට දින පහක නිවාඩුවක් ලැබුන. ඒ දෝහා කටාර් වල ඊද් නිවාඩු. ඉතින් නිවාඩුවෙ පොඩ්ඩක් එලියට පහලියට බැහැල බැලුව මොනවද පොඩ්ඩක් විනෝද වෙන්න තියෙන්නෙ කියල.

ඉතින් ඔය අතරෙදි තමයි මේ ඔරික්ස් කුසලාන ‍අධිවේගී බෝට්ටු තරඟය නර‌‌‌‌ඹන්න අවස්ථාව ලැබුනේ. මේ තරඟය පැවැත්වුනේ දෝහා වරාය ආශ්‍රිත මුහුදු කලාපයේ ඉතින් මේක මගේ පළමු සජීවී ෆෝමියුලා තරඟ අත්දැකීම මම ඉතාම ආසාවෙන් තරඟය නැරඹුව. ඉතින් මගේ මිතුරාගේ කැම‍රාවෙන් සටහන් කරකගත්ත ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ බලන්නකො කොහොමද කියල.

බොට්ටු නවතා ගන්නා අයුරු

මේ තියෙන්නෙ තරගය පටන් ගන්න කලින් සියලුම බෝට්ටු දොඹකර ආදාරයෙන් මුහුදට දමන ආකාරය. අපි ටීවි එකේ රේස් දැකල තිබුනට ඒක සිදුවෙන්නෙ කොහොමද කියල දැනුමක් තිබුනෙ නෑන. මේ විදියට තමයි ඒ සියලුම බෝට්ටු මුහුදට දැමීම හා ගැනීම සිදුකරන්නෙ.

මේ තියෙන්නෙ තරඟය පටන්ගන්න තුරු බොට්ටු ජැටියෙන් ගසාගෙන යාම වැලැක්වීම සදහා යොදාගන්නා මන්දක් මෙන් රවුම් කවයක් සහිතවු ලී ආදාරකය. ඉතින් මේ එක බෝට්ටුවක් සඳහා 4 දෙනෙකුට වැඩි සහයකයින් පිරිසක් ද සිටිනවා ඔවුනට වෙන වෙනම කාර්යයන් පැවරී තිබෙනවා.


මේ තියෙන්නෙ එහෙම සහයකයින් දෙදෙනෙක් එම බොට්ටුව තරඟය ඇරඹෙන තුරු ජැටියට නවතා තියාගෙන ඉන්න අයුරු. ඉතින් මුහුද කැලඹිලි සහගතනම් මේ කාර්යය ඉතා දුශ්කර ඒකක් වෙනව.
තරඟයේ යෙදෙන බෝට්ටුවක්

මෙහෙම සූදානම් වුන බෝට්ටු තරඟයේ යෙදෙන හැටි තමයි මේ.

ඉතින් මේ වගේ වේගවත් බොට්ටු තරඟයක අනතුරු සිදුවීම ගැනත් කයන්න ඕන මොකද බෝට්ටුවකට තවත් ඒකක් වැදුනොත් ඉතින් ‍කැලි තමයි.

ඉතින් එහෙම අනතුරුක් මේ තරඟයෙදිත් සිදුවුනා පහතින් තියෙන්නෙ ඒ අනතුරේ ඡායරූප කිහිපයක්.

බෝට්ටු අනතුර පළමු අවස්ථාව
මේ විදියට තමයි ‍ඒ අනතුර සිදු‍වුනේ වාසනාවට එතරම් හානියක් සිදුවුනේ නෑ. හැබැයි සමහර තරඟවලි මේවැනිම වැඩි හානි සිදුවෙන අනතුරු සිදුවෙනවා මොකද මේ බෝට්ටුවල වේගය වැඩියි නමුත් වංගු ගනිද්දි කිසිම අපහුසුවකින් තොරව එම වේගයෙන්ම හැරවීමට හැකිවීමත් මෙම බෝට්ටුවල විශේෂත්වයක්.

ඉතින් මේක මට තවත් අලුත් අත්දැකීමක් වුනා ඉතින් ඔයාලටත් ඒ අවස්ථාවෙ ඡායාරූප කිහිපයක් මෙකට එකතු කරා. ඉතින් මගේ දෝහා නිවාඩු දින ‍ටිකේ ලබපු විශේෂ අත්දැකීම ඔයාල හැමදෙනාටම මගේ බොලොග් අඩවිය ඔස්සේ මෙසේ පලකරමි. ඔයාලත් මේක කියවල හොඳ නරක කියල ප්‍රතිචාර එවන්නකො.


ලිව්වේ ඉන්දික 2009/11/30@ප.ව.9.15

Saturday, October 10, 2009

සුන්දර අම්බුළුවාව

ගොඩ දවසකින් බොලොග් එකට ලිපියක් දාන්නත් බැරි උනා. ඉතින් අද ලියන්න හිතුවෙ තවත් පාරිසරික සුන්දරත්වය විඳගන්න පුළුවන් තැනක්.

ඒ ඓතිහාසික ගම්පළ රාජධානියේ වත්මන් ගම්පොළ නගරය ආශ්‍රිව ඇති සුන්දර අම්බුළුවාව කඳුවැටිය ගැනයි ඉතින් ඔයාලත් ගම්පොළ නගරයට ගියොත් මේ පරිසරයේ සොඳුරුබව දැක ගන්න ගිහින් බලන්න අම්බුළුවාවට.

දුර සිට බලන විටමේ ඉතින් ඈත ඉඳන් බලනකොට ඔයාට අම්බුළුවාව පෙනෙන්නෙ මෙන්න මෙහෙම. ඉතින් මේකෙ උඩට යනඑකත් ‍ලෙහෙසි පහසු‍ දෙයක් නෙවෙයි. කඳු මුදුන කිට්ටුවටම වාන ගමන්කරන්න පාර හදල තියෙන්නෙ ඒත දැඩි බෑවුම් සහිත නිසා පළපුරුදු නැති කෙනෙක් වාහනය අරංයන්න බයයි. කොහෙම හරි අරං ගයත් එයා ආපහු පහළ‍ට අරං එන එකක් නම් නෑ. අවුලක් නෑ වාහනේ පහළ නවත්තල අපේ රෝද තුනේ වා‍හනෙන් කන්ද නගින්න පුලුවන් කඳුනගින් නවීකරණය කරපු රෝද තුනේ යාළුවො ඉන්නව ඔයාලව එක්කරගෙන යන්න. ඒත ඉතින් උඩම තැනට යන දළ බැවුම් සහිත ප්‍රදේශය එගොල්ල යන්නෙ පිටිපස්සට. මොකද පිටපස ගි‍යරයේ බලය වැඩි නිසා. හරම සුන්දර අත්දැකීමක් තමයි ඒකත්. කන්දේ ඇති උද්‍යානකන්ද නගිද්දි මෙහි සුන්දරත්වය වැඩිකිරීමට විවිද ජල, මල් උයන් ඉදිකරල තියෙන්නෙ ඉහත තියෙන පිංතූරෙත් පේන්නෙ එවැනි උයනක්. කන්ද මුදුනට නැගගත්තහම මිහිදුම් වලාවන් ගේ සිසිල විඳගැනීමට අවටම අති කඳුපංති ඉතා සුන්දරව නැරඹීමටත් පුලුවන් ඒකට වෙනම නැරඹුම් මැදිරයකුත් ඉදිකරල තියෙන්නේ. ඒ වගේම අනාගතේදි කේබල් කාර්ට් සේවාවකුත් ආරම්භ කරන්න තමයි ඉන්නෙ.

කන්ද උඩ සියලුම ආගම්වලට අයත් ආගමික ස්ථාන ඉදිකරල තියෙන්නේ ඊට අමත‍රව ඉතා උස කුළුනක් ද ඉදිකරල තයෙන්නේ එකේ උඩටම නගින්නත් පුළුවන් ඒකත් එක්තරා විදියක ත්‍රාසජනක අත්දැකීමක්. ඉතා තදින් හුලංහමනව කුළුනේ උඩඉදං බලනකොට හැමතැනක්ම පේනව පහළ බලනකොට බයත් හිතෙන්ව ඉතින් මමත් හිතට ‍දිරිය අරගෙන කොහොම හරි නැගගත්ත උඩටම. උඩඉඳන් පහළ බලනකොට මටත් බය දැනුනෙ නැත්තෙම නෑ. පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒ කුළුන තමයි.

අම්බුළුවාව නැරඹුම් කුළුනවිවේකීව කාලය ගතකරන්නත් පරිස‍රයේ සුන්දරත්වය විඳගැනීමටත් හැකි මේ සුන්දර කඳුවැටිය නරඹන්න ඔබටත් ආරධනා කරනව. ඉතිං සංචාරයට කැමති යාළුවන්ට පුළුන් ගම්පොළ නගරයට ගියොත් අම්බුළුවාව කන්දේ සුන්දරත්වය විඳගන්න. අමතක කරන්න එපා පරිසරයේ සුන්දරත්වය විඳගන්න ඔයාල යනකොට අරගෙන යන කෑම, බීම ගෙනියන පොලිතින්, ප්ලාස්‍ටික් බෝතල් වගේ නොදිරා යන ද්‍රව්‍ය හැමතැනම විසිකරන්න එපා. එහෙම ‍කරල අපේ සුන්දර පරිසර විනශ කරොත් අපේ ඊළඟ පරම්පරාවට මේවාගේ සුන්දරත්වය දැකිමට නොහැකි වේවි.

ලිව්වේ ඉන්දික / 10/10/2009!.

Saturday, September 12, 2009

රාමසාන් උපවාසය හා අවුරුදු චාරිත්‍ර

මේ දවස්වල රාමසාන් නිසා අපිටත් එලිපිට කෑම කන්න බෑ, කාල අහුවුනොත් ඉතින් හිරේ තමා. මේ කියන්න හදන්නේ වෙන දෙයක්, ඒ රාමසාන් උපවාසය ගැනයි අපේ සිංහළ අවුරුදු සිරිතකයි තියෙන සාමානකමක් හා අවුරුදු චාරිත්‍රයේ සැබෑ තත්වය ගැන කියන්න,

ඉතින් රාමසාන් උපවාසයේ ප්‍රධාන ලක්ෂණය තමයි අලුයම 4 සිට හවස 6 අතර කාලය තුල මුස්ලිම් ආගමිකයන් නිරාහාරව කටේ කෙලවත් ‍උගුරෙන් පහළට නොගෙන සිටීම. මෙහෙම සි‍ටීමේ පරමාරථය තමයි අන් අයගේ කුසගින් පිළිබඳව අවබෝධ කරගැනීමටත් නිරාහාරව සිටින කාලයතුළ ආහාර සඳහා යන වියදම දුප්පත් අය වෙනුවෙන් බෙ‍දාදීම වගේ කටයුත්තක්. ඉතින් මේ කාලය තුළ හැම මුස්ලිම් ජාතිකයෙක්ම මෙම කටයුත්තේ නිරත වෙනවා ඒ අය අකුරටම මේ කටයුත්තේ නිරතවෙනව මාසයක් පුරාවට.

මෙහෙම ආහාර නොගෙන ඉන්න එක හොඳයි කියල කියනව මොකද දවස් තුන්සිය හැටපහක්ම තුන්වේලක් කෑමත් එක්ක පොරබදන අපේ ආහාර ජීර්ණ පද්ධතියට පොඩි නිවාඩුවක් ලැබෙන එක. ඒකෙ යම් විද්‍යාත්මක සත්‍යයක් තියෙනව කියලත් කියනව, ඉතින් සිරුර තරබාරු අයට එහෙම මේ කලය හුඟක් හොඳයි ඒ අයගෙ ශරීර සෞක්‍යයට.

මොකක්ද එතකොට මේ සිංහළ අලුත් අවුරුද්දේ තියෙන සම්භන්ධය කියල බලමුකෝ, සිංහළ අවු‍රුදු චාරිත්‍ර හැම එකක්ම තියෙන්නේ නැකතකට අනුව. ඉතින් ඔය හි‍රුගේ සන්ක්‍රන්ති කාලය තුල ඒ කියන්නේ පරණ අවුද්දේ ඉඳල අලුත් අවුරුදු උදාව අතර කාලය ණැකත් රහිත කාලයක් තියෙනවනේ ඉතින් පරණ අවුරුද්දට සියලුම වැඩ නවත්වන්ව ඊට පස්සේ වැඩ පටන් ගන්නේ අවුරුද්දට ඉතින් ඔය අතරේ ආහාර අනුභවයටත් ණැකතක් තියෙනව. අලුත් අවුරුද්දට ආහාර අනුභවයට ණැකත උදාවෙනකන් ඉතින් අපිටත් උපවාස කාලයත් තමයි, ඉතින් මේක සුලු කාලයක් තමයි තියෙන්නේ වැඩිම උනොත් එක වේලක් නිරාහාරව ඉන්නවෙයි, ඉතින් අවුරුද්දට එක පාරක් එන මේ චාරිත්‍රය හරියට ඉටුකරන්නේ කීයෙන් කීදෙනාද?, ඔයාල හැමොම තමන්ගේ හෘද සාක්ෂියට අනුව කිව්වොත් වැඩි දෙනෙක් එක මග ඇරල ඇති. මොකද අලුත් පරම්පරාව අවුරුදු සිරිත විරිත එච්චර ගනන් ගන්නේ නෑ ඒව පිළිපදින්න උනන්දුවකුත නෑ.

හොඳම දේ තමයි අපි අනිත් අයගේ සිරිත විරිත්, ඇදහිලි, සංකෘතික අංග මහ ඉහලින් අගය කරනව ඒත් අපේ දේවල් සතේකටවත් ගනන් ගන්නේ නෑ, හොඳම උදාහරණය තමයි මේ රාමසාන් උපවාසය අපි ඒක හොඳ හා, එහි ඇති විද්‍යාත්මක හරය ඇගයිමට ලක්කරනව, ආහාර ජීර්ණ පද්දතියට නිදහසක් ලැබෙන එක හොඳයි කියල අගය කරනව ඒත් ඒ වගේ දෙයක් අපිටත් කරන්න අවස්ථාව එනකොට බොරුදේවල් කියල ඒව අහක දානව. ඉතින් ඒ නිසා තමයි සිංහළ සිරිත් විරිත් අපි අතිරින ගිලිහිලා යන්නේ. හොඳ දෙයක් නම් ඒක කවුරු කරත් හොඳයි ඉතින් අපේ සිරිත් විරිත් බොරු දේවල් කියල අහක දාන්නේ නැතුව ඒ දේවල් තවත් පරම්පරා ගානක් ඉස්සරහට ගෙන යන එක අපේ පරපු‍රේ වගකීම. ඉතින් අපි චාරිත්‍රයක විදියට බැරිනම් වගකීමක් හැටියට හරි හිතල අපේ සිරිත් විරිත් රකගනිමු...

ලිව්වේ ඉන්දික, දෝහා කටාර් හි සිට, වේලාව 7.35ට

Thursday, August 20, 2009

රට යන සිහිනය

හැමෝටම වගේ මටත් රට යාම ගැන තිබුනේ හරිම ආෂාවක් ඉතින් කොහොම හරි මට රට යාන්න වාසනාව ලැබුනා, ඒ කටාර් රාටට. කොච්චර ආසාවෙන් හිටියත් රට යන දවසෙ හරිම දුකයි ගෙදර අය‍ගෙන් ‍වෙන්වෙලා යන එක දරාගන්න බැරි දුකක් මොනව කරන්නද තීරණය අරන් ඉවරයි. ඉතින් මම කොහොම හරි හිත හදාගෙන කඳුලු පිරි දෙනෙතින් ලංකාවෙ ගුවන් තොටුපලෙන් පිටත් වුනා දෝහා කටර් වෙත.

මම දෝහා ගුවන් තොටුපලට පැමි‍ණි විට හිතුනා මම මගේ රට කොච්චර හොඳද කියලා මොකද දන්නවද ඒ මෙහේ තියෙන රස්නෙට මම මෙහෙ ගුවන් තොටුපලෙන් එළියට එන විට රාත්‍රී 10.30 විතර අති. මට දැනුනේ හරියට පෝරණුවකට ඇතුල්වුනා වගේ, මට හිතෙන්නේ ඒ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 විතර ඇති හරිම උණුසුම් වායු දාහරාවන් තමයි හමාගෙන යන්නේ මට ඒ මොහොතේම මගේ රටට යන්න තිබුනා නම් හොඳයි කියලා හිතුනා.

මුල් මාස දෙක තුනේම හරිම අ‍මාරුවෙන් තමයි කාළය ගත ‍කලේ මොකද නිතරම ගෙදර මතක් වෙනවා මම මෙහේ කාමරයක තනිවෙලා, එහෙන් මෙහෙ තියන දේශගුණය හුරු නැහැ ඉතින් හිතාගන්න පුළුවන් නේද සිතට දැනෙන සිතු‍විලි කොයි වගේද කියලා. ‍ටික කා‍ලෙකට පස්සේ මම නැවතිල ඉන්න තැන මාරු කලා මට ලංකාවෙ අය විතරක් නැවතිලා ඉන්න ‍තැනකට යන්න පුළුවන් වුනා එහේදි තමයි මට ටිකක් හරි හිත හදාගන්න පුලුවන් උනේ මගේ දුක සැප බෙදාගන්න දැන් යාළුවො ටිකක් ඉන්නවා.

අපි මෙහේ උයාගෙන තමයි කන්නේ මම ලංකාවෙන් එනකොට උයන්න දන්නේ නෑ මුල් මාස කිහිපයේ ‍ක‍‍ඩෙන් තමයි කෑවෙ. ‍ඒත අපේ කෑම නෙමෙයි පරාට, බිරියානි, ඉන්දියානු ක්‍රමයට බත් තව මෙහේ තියෙනවා කුබුස් කියලා කෑමක් ඔය වගේ දේවල තමයි ඉතින් කෑවේ. ඉතින අපි හිතුවා එක එලවළුවක් එක්ක හරි උයාගෙන කමු කියලා මගෙ යාළුවො දෙන්නෙක් විතර උයන්න දැනගෙන හිටියා මම මුලදි ඒ ගොල්ලන්ට උයන්න උදව් කලා ඉතින් ටික කාලෙකින් මටත් උයන්න පුළුවන් වුනා දැන් මමත් උයන්න දන්නවා කෑම වර්ග කිහිපක් යළුවන්‍ට පින්සිද්ද වෙන්න.

දැන් අපි හැමොම මෙහේ අවුරුද්දක් සම්පූර්ණ කරලා ඉන්නේ දැන්නම් අපිට මෙහේ රස්නේ පුරුදුවෙලා අපි හැමතිස්සේම වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරල තියෙන්නේ ඒ නිසා අපිට රස්නෙට හුරුවෙල ඉන්නේ. අපිට මෙහේ හොඳටම හුරුවුනේ අවුරුද්දක් ව්තර පහු වුනාට පස්සේ. මෙහේ තියෙන පාරවල්, මෙහේ අයඡීවත් වෙන ක්‍රමය කොහොමද ඉන්න ඕනි කියන එක දැන් අපි හොඳට දන්නව.

දැන් මට හිතෙනව රට ආපු එක හොඳයි කියල මොකද ලංකාවෙ දැන් තියෙන බඩුමිළ බලපුවහම එහේ රස්සාව කරල හොඳ ජිවත් වෙන්න හරිම ආමාරුයි මොකද හම්බකරන හැම සතයම ගෙදර දොරේ වියදමට ගියහම අපිට ඉතුරුවක් නැහැ. අපේම කියල ගෙයක් දොරක් හදාගන්න නම් අපිට විදේශ රටක සේවයට එනව හැර වෙන විකල්පයක් නැහැ. හැබැය මම කියන්නේ නැහැ හැමකෙනාම විදේශ රටවල සේවයට ගිහිල්ලයි දියුණු වුනේ කියල, මොකද ලංකාවෙ ඉඳල ‍දියුණු වුන අයත් ඉන්නව හැබැයි ඉතින් බොහොම සුලු පිරිසයි ඉන්නේ.

මම හිතන්නේ දැන් මේ ලිපිය දිග වැඩිවේගන යනවා දැන‍ට මේ අති කියල හිතනව වැඩිවිස්තර පස්සේ ලියන්න පුලුවන් මොකද මට තියෙන්නේ හරිම සීමිත කාලයක් ‍‍මගේ බොලොග් එක යාවත් කිලීන කරන්න.

දෝහා නගරයේ උදෑසන දර්ශනයක්දෝහා නගරයේ උදෑසනක්

ලිව්වේ ඉන්දික !!! 20/08/2009!!!

Sunday, August 9, 2009

ලංකාතිලක රජමහ විහාරය - Lankathilaka Temple Sri Lanka


This is my first blog about ancient temple Lankathilaka Rajamaha Viharaya, This is situated at Sri Lanka in Kandy City. When you travel from Colombo to Kandy 10 km before the Kandy City you will find the Pilimathalawa City from there you need to go through Dawulagal Road to Reach this Beautyfull Temple. If you goin to visit Sri Lanka don't forget to Visit This Beautyfull Temple and the mean time please enjoy my pictures of Lankathilaka Temple.

මාගේ මුල්ම බොලොග් ලිපියට මා මාතෘකාව ලෙස ‍‍ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරය පිලිබඳව හඳුන්වා දීමට මා අදහස් කලෙමි.


මේ දැකුම් කළු ඓතිහාසික පුදබිම පිහිටා ඇත්තේ සෙංකඩගල පුරවරයේ උඩුනුවර ඡන්ද බල ‍ප්‍රදේශයේය. මෙම සිද්දස්ථානය නැරඹීමට යාම සඳහා කොළඹ නුවර මහා මාර්ගයේ ගමන් ගනිද්දී හමුවන පිළිමතළාව නගරයෙන් ඔබ දවුලගල මහනුවර මාර්ගයට පිවිසිය යුතුයි, මෙම මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 5 - 6 පමණ ගමන් කිරීමෙන් අනතුරුව ඔබට මෙම චිත්තාකර්ශණීය පුද බිම වෙත ලඟාවීමට පිලිවන.

මෙම ඓතිහාසික පුජා භුමිය ගම්පළ රාජධාණි සමයට අයත්වන අතර මෙය ඉදිකරණ ලද්දේ එවකට ගම්පල රාජධාණිය පාලනය කළ හතරවන බුවණෙක බාහු රජුතුමා විසිනි. මෙම විහාර‍ය කොවිල් අකෘතියකට අනුව නිර්මණය වී ඇතිබව පුරා විදු අදහසයි, මෙම විහාරය හොඳින් නිරීක්ෂණය කරණ ඕනෑම කෙනෙකුට එය අවභෝධ කරගතහැක. අද වන‍විට මෙම විහාරය මහල් ‍තුනකින් පමණක් දැකගැනීමට හැකි වුවද මෙය පුරාණයේ මහල් සතකින් සමන්විත වූබව ‍කියැවේ. තවත් සුවිශේසී ලකිෂනයක් ලෙස මෙහි වහලය සඳහන් කිරීමට හැකිය බැලූ බැල්මට එය උළු සෙවිලි කළ වහලයක් ලෙස දිස්වුවද මෙහි මුල් කාලයේ වහ‍ලය මුළු මනින්ම ල‍ඩොලින් නිමවා ඇත, මෙම උළු වහලය පසුකලෙක සංරක්ෂණය උදෙසා ඉදිකල එකකි. මෙය දැක ගැනීමට ඔබ මෙහි දේවාල පිහිටි කොටසට ගොස් නැරඹිය යුතුයි තවද ඔබට මෙය සණාථ කරගැනීමට උළු වහලයට පහලින් ඇති වැහි පිහිලි දෙස බැලීමෙන් තහවුරැ කරගත හැකි අතර මෙහි ඇති පුරාණ සෙල්ලිපියේද ඒ බව සඳහන්ව ඇතැයි කියවේ.

මෙම පුද බිමට පැමිණි පසු නැගෙන හිර දිශාවන් ඔබට හන්තාන කඳුවැටිය ඉතා අලංකාරවත් ලෙස දැකගත හැක, බැලූ බැලූ සැම අත මනරම් කඳු යායන් සතර දෙසින් දිස්වෙන අයුරුද එහි සුන්දරත්වයද ඔබට විඳගත හැක. එපනක් නොව මෙහි ඈත පෙනෙන කඳු පංති අතර ඔබට සිරිපා කඳුගැටයද දකගැනීමට පුලුවන.

රජ සමයේ පටන් අද දක්වා අකණ්ඩව පවත්වාගෙන යනු ලබන ඇසල පෙරහැරක්ද මෙම පුද බිමේදී දැකගත හැක එය මහනුවර දළඳා මාලිගාවේ පෙරහැර අවසන් වී දින පහලවකට(15) පසු ආරම්භ වන අතර පුරා දින 15 දක්වා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වේ, මහ පෙරහැර සැප්තැම්බර් මුල්සති‍ය තුළ වීථි සංචාරය කරනු ලබයි. එයද චාරිත්‍රානුකූලව දිය කැපීමෙන් අවසන් වේ.

ඔබ සැමට මෙම සුන්දර පුද බිම නැරඹීමට හා වැඳපුදා ගැනීමට ආරධනා කරන අතරම මාගේ දුරකථනයේ කැමරාවට හසුකරගත් දසුන් කිහිපයක් ඔබගේ ආශ්වාදය සඳහා ‍මාගේ බොලොග් අඩවියට ඇතුලත් කලෙම්.
මේගැනත් සිතන්න,

ඔබ සංචාරය කරන විට රැගෙන යන පොලිතින් බෑග්, කඩදාසි කැබලි, ප්ලාස්ටික් බෝතල් වැනි ද්‍රව්‍ය දමා අපවිත්‍ර නොකරන්න ඒවා නිසි පරිදි කුණු බදුන් වල පමණක් දමන්න මන්ද, මෙම සෑම සුන්දර දසුණක්ම අපේ මතු පරපුරටද ඒ අයුරින් විඳගැනීමට අරක්ෂා කිරීම අප කාගේත් යුතුකම හා වගකීම බැවිනි.

හැමෝම වැරදි කරනවායැයි පවසා ඔබද එසේ නොකරන්න ඔබ සැමවිටම නිවැදි දෙයම කරන්න මන්ද ඔබේ ආදර්ශය මතු පරපුර නිසි මඟට හැරවීමට මහෝපකාරී වන බැවිනි.

ලිව්වේ ඉන්දික 10.07.2009

Create Your Adf.ly Account

Looking for Free Web Hosting - නොමිලේ ඔබේම වෙඩ් ‍ඩොමේන් ලබාගන්න

Web hosting